Windows 10 අලුත්ම Update එකට මොකද උනේ??


හරි කට්ටියම ආයුබොවන් කියලා පිලිගන්නවා.
සැහෙන කාලෙකින් නේද?ඇත්තටම තිබුන කාර්‍යබහුලත්වයත් එක්කම Blog එක අමතක වෙලා තිබුනේ.එත් අද ඉදලා blog එක දිගටම update කරනවා කියන පොරොන්දුව අපි ඔයාලට දෙනවා.

හරි windows 10 ගැන හැමෝම දන්නවනේ, දැනටමත් ඔයාලා පාවිච්චි කරනවා වෙන්නත් පුලුවන්. ඉතින් microsoft  සමාගම 2015 දී windows 10 Release කරද්දිම කිව්වා ආයෙත් අලුත් windows සංස්කරණයක් එන්නේ නැති බවත් Windows 10 සංස්කරණය සඳහා Update ලබා දෙමින් ඉදිරියට ගෙන යන බව.

ඉතින් ඒ කිව්වා වගේම මයික්‍රොසොෆ්ට් සමාගම වසරකට  Major Update දෙකක් ඉදිරිපත් කළා.මාර්තු - අප්‍රේල් අතර කාලය තුළ පළමු  Update එකත් , ඔක්තෝබර් - නොවැම්බර්  අතර දෙවැනි Update එකත් වශයෙන්.ඉතින් මේ විදිහට update 6 ක් microsoft සමාගම මේ වසර තුනක කාලය තුළදී ලබා දීලා තියෙනවා..
පහුගිය update ගැන  එතරම් කතාබහක් නොවුනත් 2018 ඔක්තෝබර් මාසෙ නිකුත් කරපු v1809 update එක ගැන ලොකු කතා බහක් අන්තර්ජාලය තුල පැතිරුනා.මෙහෙම උනේ මේ update එකේ තිබුන ගැටලු නිසා..

මොනාද මෙච්චර තිබ්බ ප්‍රශ්න ..

* Update  කිරීමෙන් පස්සේ file missing වීම.
Update කරාට පස්සෙ ගොඩක් අයගෙ  downloads,document,pictures folder වල තිබ්බ ෆයිල් නිකන්ම අතුරුදහන් වෙලා තිබුනා

* intel audio drivers not support .
sound driver වැඩ කරන්නේ නැති ප්‍රශ්නයකුත් මතුවෙලා තිබුනා.හැබැයි මේක intel සාමාගම update  එකක් මගින් සකස් කරලා තිබුනා.

* Slow Installation and install Stuck
update එක install කරද්දී ගොඩක් slow  වීම වගේම ඉන්ස්ටෝල් වීම අතරතුර stuck වීමත් සිදුවෙලා තිබුනා.

*Microsoft apps not working
අන්තර්ජාල සබඳතාව භාවිතා කරන microsoft apps බොහොමයක් නිසි ලෙස ක්‍රියාත්මක  නොවීමත් වෙලා තිබුණා

*Dark mode not fully dark
අලුතෙන් ම හදුන්වා දුන් file explore Dark mode එකෙත් ගැටලු මතු වෙලා තිබුනා.ඩාර්ක් උනාට තැනින් තැන සුදු පාට කෑලී පෙන්න තිබ්බා.

*Notification Error
Action center  එකේ notification ඇවිත් තියෙනවා කියලා පෙන්නුවට ගිහින් බැලුවම notification පෙන්වන්නේ නෑ.

*Start menu not working correctly.
ස්ටාර්ට් මෙනු එකේ තියෙන ටයිල්ස් හරියට පෙන්වන්නේ නෑ වගේම සමහර ටයිල්ස් එකක් උඩ එකක් තියෙනවා.ඒ වගේම Search bar එකෙත් ගැටලු තිබ්බා.

*Downloads Folder in disk cleanup
Download folder එක disk cleanup එක තුල දක්නට ලැබුනා.ගොඩක් දෙනා මේ සැකසුම ඉවත් කරන්න බල කරලා තිබ්බා.

*Cant login previously used account
Update  කරන්න කලින් භාවිතා කරපු user account එක නැවත භාවිතා කිරීමට නොහැකි වීම.

*BSOD
Install කරද්දි වගේම install කරලා භාවිතා කරද්දිත් Blue Screen එක ඇති වීමත් සිදුවෙලා තිබුනා.ගොඩක්ම HP laptop වල තමා මේ ගැටලුව ඇති වෙලා තිබුනේ.


මෙන්න මේ වගේ හේතු ගොඩක් දිගින් දිගටම වාර්තා වීම නිසා මයික්‍රෝසොෆ්ට් සමාගම 1809 අප්ඩේට් එක තාවකාලිකව නතර කරලා දැම්මා. හැබැයි ඔන්න ඊයේ ආයෙත් update එක download කරන්න අවස්ථාව තියෙනවා ඒ කියන්නේ තිබුන  ප්‍රශ්න ටික හදලා තියෙනවා වගේ.

එහෙනම් ඊළග post එකෙන් අපි බලමු අලුත් Update එකේ තියෙන අලුත් දේවල් මොනාද කියලා.

එහෙනම් අදට ගිහින් එන්නම්.අපේ fb page එකත් like කරලා තියන්න,එතකොට අලුත් පොස්ට් එකක් ආපු ගමන් ඔයාලට දැනගන්න පුලුවන් ..


අලුත් ලිපියකින් නැවත හමුවෙමු.
- හේෂ් -

Comments

Post a Comment