Windows 7 හි අවසානය.


Windows 7 ලබන 14 වන (14-01-2020) දින අවසන් ගමන් යාමට සියල්ල සුදානම්.ඒ Microsoft සමාගමේ OS EOL නීතිය හේතුවෙන්. නමුත් දැනට ලෝකයේ පරිගණක විශාල සංඛ්‍යාවක භාවිතා වන්නේ අවුරුදු නවයක් පැරණි Windows 7 මෙහෙයුම් පද්ධතියයි.
Microsoft සමාගම 2007 වසරේදී නිකුත් කරන ලද Vista මෙහෙයුම් පද්ධතිය අසාර්ථක වීමත් සමගම ඉන් වසර 2කට පසු Windows 7 මෙහෙයුම් පද්ධතිය නිකුත් කරනු ලබනවා. එහි ඇතුලත් වූ නවීන විශේෂාංග හේතුවෙන් පරීශීලිකයන් අතර ඉතා ඉක්මනින් එය ජනප්‍රිය වීම සිදුවුනා.එහි ඇතුලත් වූ විශේෂාංග අතරින් කිහිපයක් වූ,
* Aero Theme
* Desktop Gadgets
* Homegroup - පරිශීලීකයන් හට ඉතා පහසුවෙන් පරිගණක ජාලයක් සකස් කර ගැනීමට හැකිවීම
* Libraries - ඉක්මණින් අවශ්‍යය ගොනු සදහා පිවිසීමට උපකාරී විය
* Thumbnail to Preview
* New Features for Windows media center
* Windows Media Player 12
* Windows touch - for touch screen supported devices
සමාගමේ ප්‍රධාන මෙහෙයුම් පද්ධති කිහිපයක අවසානය (End of Life )
Windows XP - 08-04-2014
Windows Vista - 04-04-2017
Windows Seven - 14-01-2020
Windows 8/8.1 - 10-01-2023
මෙහෙයුම් පද්ධතියක අවසානය යන්නෙන් අදහස් කරන්නේ ඒ සදහා තව දුරටත් දෝෂ නිවැරදි කිරීම්,ආරක්ෂක යාවත්කාලීන සහ පැච්ස් ලබා දීමක් සිදු නොවන බවයි.ඒ නිසා එවැනි මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීම ආරක්ෂිත නොවන්නේ අනාරක්ෂිත වැඩසටහන් හා මෘදුකාංග ප්‍රහාරවලට ලක් වීමට ඉතා වැඩි ඉඩක් පවතින බැවිනි.
Microsoft සමාගම Windows 7 සදහා ප්‍රධාන ධාරාවේ සහාය (Mainstream Support) 2015 ජනවාරි 14 වන දින අවසන් කරන ලද අතර 2020 ජනවාරි 14 දක්වා දීර්ඝ කෙරු සහයක් නැවත ලබා දෙන ලදී.
2009 වසරේ Windows 7 නිකුත් කරන විටත් ලොව පරිගණක තුල බහුලවම භාවිතා වූයේ Windows XP මෙහෙයුම් පද්ධතියයි. ඉන් පසුව 2014 වසරේ XP අවසන් ගමන් යාමත් සමග 2015 වසරේ මාර්තු මාසය වන විට ලොව පරිගණක අතරින් 55.92% තුළම Windows 7 ස්තාපිත වී තිබූ අතර 18.93% ප්‍රමාණයක් XP අත්නොහැර සිටියා.නමුත් Vista භාවිතා කරන්නන් සිටියේ 2.44% තරම් වූ සුලු ප්‍රමණයක්.2014 වසරේදී XP අතහැර Seven වෙත මාරු වූ ආකාරයෙන්ම 14 වනදායින් පසු Windows 10 වෙත මාරු වීම වඩාත් ආරක්ෂිත විය හැක.
Windows 7 අවසාන දිනය ලගා වීමේදී තවමත් එය භාවිතා කරන පරිශීලිකයින්හට එය මතක් කිරීම සදහා Microsoft සමාගම විශේෂ ක්‍රමයක් උපයෝගී කරගනු ලැබීය. එනම් KB 4493132 යන යාවත්කාලීනය මගින් සම්පූර්ණ තිරය සදහා වූ මතක් කිරීමක් (Full-Screen Notification) ලබා දීමයි. එහි සදහන් වූයේ ඔබ භාවිතා කරන වසර නමයක් පැරණි මෙහෙයුම් පද්ධතිය අවසාන මොහොතට ලගා වී ඇති බවත් ඔබට ඒ වෙනුවට භාවිතා කිරීමට වඩාත් සුදුසු වන්නේ Windows 10 මෙහෙයුම් පද්ධතිය බවයි.
කෙසේ වූවද Windows 7 සදහා ආරක්ෂිත යාවත්කාලින කිරීම (Security Updates Only) ඉදිරි වසර තුනක් සදහා මිලදී ගැනීමට හැකියාවක් ඇත. ඒ අනුව Windows 7 Enterprise ස්ථාපිත එක් පරිගණකයක් සදහා පළමු වසර තුල $ 25 ක මුදලකුත්(ආසන්න වශයෙන් රු 4500),දෙවන වසරේදී $ 50කුත් (ආසන්න වශයෙන් රු 9000) අවසාන වසර වන තුන්වන වසරේදී $100ක (ආසන්න වශයෙන් රු 18000)මුදලකුත් ගෙවිය යුතුය. තවද
Windows 7 Pro ස්ථාපිත එක් පරිගණකයක් සදහා පළමු වසර තුල $ 50 ක මුදලකුත්(ආසන්න වශයෙන් රු 9000),දෙවන වසරේදී $ 100කුත් (ආසන්න වශයෙන් රු 18000) අවසාන වසර වන තුන්වන වසරේදී $200ක (ආසන්න වශයෙන් රු 36000)මුදලකුත් ගෙවිය යුතුය.
Windows 7 අවසානයත් සමග අනෙකුත් මෘදුකාංග නිපදවන සමාගම්ද ඔවුන්ගේ මෘදුකාංග සහය Windows 7 වෙත ලබා දීම අවසන් කිරීමක් සිදුවිය හැක. කෙසේ වූවද Google සමාගම ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ Chrome web Browser සහාය 2021 ජුලි 15 දක්වා පමණක් ලබා දෙන බවයි.
2009 වසරේ සිට මේ දක්වා වූ කාලය අතර තුර වැඩිම පරිශීලිකයන් සංඛයාවකට පරිගණකය භාවිතා කිරීමට උපකාරී වෙමින් Windows 7 කල මෙහෙය ඉතා විශාල බවනම් කිව යුතුමය.
-හේෂ් අනවරත්න.-

Comments