Windows අලුත් වැඩ කෑලි.







මුලින්ම අපේ යාලුවෝ හැමෝටම ආයුබෝවන් කියල පිළිගන්නවා. කලින් පෝස්ට් එකට හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබුණා තිබුනා වගේම, අපේ Blog එක ආයෙත් පටන් ගත්තු එකටත් ගොඩ දෙනෙක් සුභ පතලා තිබුනා.ඉතින් ඒ හැමකෙනෙක්ට ස්තුති වෙන ගමන් අපි කලින් පෝස්ට් එකේ කිව්වා වගේම අද බලමු අලුත්ම windows 10 update එකේ තියෙන අලුත් වැඩ කෑලි.



මුලින්ම Start Menu





Start Menu එකේ තියෙන search option එක අලුත් කරලා තියෙනවා.Search Result එක පෙන්වන window එකේ ප්‍රමාණයත් වැඩි කරලා තියනවා.Search කරපු දේට අදාළ Preview එකක් වගේම ඒ දේට අදාළව තිබෙන Recent Files මේ වැඩි කරපු ඉඩ තුල බලා ගන්න පුලුවන්.


Action Center




Action Center එක Open වෙන විදිහ ටිකක් වෙනස් කරලා තියෙනවා.හරියට action center එකමතු වෙන විදිහට තමා open වෙන්නේ.


Dark Mode For File Explorer.



කලින් සමහර තැන් වලට විතරක් තිබුන dark mode එක අලුත් update  එකෙන් file explorer එකටත් හදුන්වා දීලා තියෙනවා.Settings- Personalization -Colors මගින් මේ සැකසුම ක්‍රියාත්මක කරගන්න පුලුවන්.

Smart Clipboard


සාමාන්‍ය windows Clipboard එකට මතක තියාගන්න පුලුවන් එක දෙයක් විතරයි.අපි image එකක් copy කරලා ආයෙත් web link එකක් copy කරොත් මතක තියාගන්නේ web link එක විතරයි.හැබැයි අලුත් Smart Clipboard එකට නම් ගොඩක් දේවල් මතක තියාගන්න පුලුවන්.පරණ Clipboard එක Ctrl + V මගිනුත් අලුත් clipboard එක Windows + V  මගිනුත් ලබා ගන්න පුලුවන්.

Gaming Bar



Gaming Bar එක අලුතින්ම  Design කරලා තියෙනවා.ඒ වගේම Audio Control පහසුකමත් interface එකට add කරලා තියෙනවා.Windows + G මගින් Game bar එක ලබා ගන්න පුලුවන්.Gaming bar එක මගින් Screen Shot ලබා ගන්නත් Screen Record සහ Broadcast පහසුකමත් ලබා දීලා තියෙනවා.

Display




Display Setting වලට අලුතෙන් Wundows HD Color කියලා Page එකක් add කරලා තියෙනවා.ඒ මගින් HDR,WGG Setting Control කිරීමට හැකියාව තියෙනවා.ඒ වගේම Battery life එක Optimize කරන්නත් පුලුවන්.

Sound Settings



පරණ control panel එකේ තිබ්බ Sound settings menu එක අලුත් කරලා  තියෙනවනවා.Speakers සහ Microphone පහසුවෙන් අක්‍රීය  කිරීමට හැකියාවත් DTS සදහා සහය දක්වන system සඳහා ඒ වෙනුවෙන්ම සැකසුම් බලා ගන්නත් පුලුවන්.

Bluetooth and Other Devices

Bluetooth සහ අනෙක් Devices ලැප්ටොප් බැටරිය බාවිතා කරන ආකාරයත් මේ සැකසුම මගින් බලා ගන්න පුලුවන්.

Typing Insights

Windows 10 මෙහෙයුම් පද්ධතිය තුල AI knowledge එක වැඩි වශයෙන් TYPING සදහා ලබා දීලා තියෙනවා.ඒ නිසාම Type කරද්දි අපිට වෙන Spelling Mistake නිවැරැදි කරන්නත් Word Suggestion මගින් කාලය ඉතුරු කරගන්නත් පුලුවන්.

Data Usage



Network settings තුළ තියෙන Data Usage පහසුකම මගින් කොතරම් data ප්‍රමාණයක් භාවිතා කරාද කියලා වගේම මොන application ද data භාවිතා කරේ කියලත් බලා ගන්න පුලුවන්.Wifi සහ Lan යන කොටස් වෙන වෙනම බලා ගැනීමේ පහසුකම මෙයින් ලබා ගන්න පුලුවන්.

Text Bigger



තරමක් ලොකු ස්ක්‍රීන් තුල system font එකේ size එක කුඩාවට පෙනීම නිසා Text Bigger පහසුකම මගින් text size එක control කිරීම කරන්න පුලුවන් .

New Screen Shot tool


Windows 7 තුල තිබුනු Screen snap පහසුකම වැඩි දියුණු කිරීමක් අලුත් update එක මගින් සිදු කරලා තියෙනවා.

Your phone




පහසුවෙන්ම ඔයාලගෙ Smart phone එක Link කරගන්න මේ මගින් හැකියාව ලැබෙනවා.


හරි ඔය තියෙන්නේ අලුත් update එකේ මම දැකපු ප්‍රධාන වෙනස්කම්.ඒ වගේම තව පොඩි පොඩි වෙනස්කම් ගොඩක් මේ Update එක මගින් ලබා දීලා තියෙනවා.ඔයාලා දැකපු අලුත් දේවල් තියෙනවනම් Comment එකක් විදිහට හැමෝටම දැනුවත් කරන්න.ඒ වගේම අපේ අඩුපාඩ,ඔයාලගේ අදහස් Comment කරන්නත් අමතක කරන්න එපා. දකුණු පැත්තේ උඩ පෙන්වන අපේ FB fan page එකට  Like දාලා තිබ්බොත් අලුත් පොස්ට් වගේම අපේ Giveaway එක්ක එකතු වෙන්නත් පුලුවන්.


එහෙනම් තවත් අලුත් ලිපියකින් අයෙත් හමුවෙමු.හැම කෙනෙක්ට ම ජය වේවා...
-හේෂ්-

Comments