Skip to main content
දැනට තියෙන Operator System එකට උඩින් තව OS එකක් Install කරමු.
කොහොමද යාලුවනේ.අද Games සම්බන්ධ දෙයක් නම් නෙවෙයි කියන්න හැදුවේ.. ලගදි Windows 10 Release උනා. ගොඩක් කට්ටිය නම් දැනටමත් මේක Install කරලා ඇති. ඒත් සමහරුන්ට නම් තාමත් මේක දාන්න බයයි.මොකද මේක කොහොම වෙයිද කියලා දන්නේ නැති නිසා.අනිත් එක Windows 10 දැම්මොත් දැම්මමයි.ආයේ කලින් OS එකට Downgrade කරන්නත් බෑ. ඒ හින්දා දැනට තියෙන OS එකත් බේරගෙන Windows 10 දැම්මොත් කොහොමද කියලා බලාගන්න විදිහක් ගැනයි අද කියන්න හදන්නේ.හැබැයි මේ DUAL BOOT කරන එක ගැනනම් නෙවෙයි.වෙනමම විදිහක්.
ඒ තමා OS එක Virtual Machine එකක් ඇතුලේ Run කරන එක.
මේ වැඩේ කරන්නම් මුලින් මෙන්න මේවා ඕන වෙනවා.
1. Oracle Virtual Box
නැත්තම් මෙතනින් Download කරගන්න.
2.Install කරන්න යන OS එකේ Image File එක.ඒක .ISO Format එකෙන් තියෙන්න ඕනේ.
හරි එහෙනම් ඔය දෙකම තියෙනවනම් වැඩේ පටන් ගමු.
1. මුලින්ම Virtual Box Software එක Install කරගන්න.ඊට පස්සේ Software එක Open කරන්න. එතකොට Open වෙන්නේ මෙන්න මේ Window එක.දැන් New කියන Button එක Select කරන්න.
2.දැන් Install කරන්න යන OS එකේ Name එක Type කරන්න.මන් Install කරන්න යන්නේ Windows 10 නිසා මම දැම්මේ Windows 10 කියලා.Type එකට Microsoft Windows කියලා Select කරන්න.Ubuntu Install කරනවනම් Linux Select කරන්න.ඊලගට Version එකට ඔයාලා ගාව තියෙන OS Version එක Select කරන්න.List එකේ Windows 10 නැත්තම් ඒ වෙනුවට Windows 8.1 Select කරන්න.
3.List එකේ තියෙන්නේ 32bit විතරයි නම් Bios Settings වල තියෙන Intel Virtualization Technology Enable කරන්න.මෙන්න මේ විදිහට.
4.ඊලගට Memory Size එක Select කරන්න ඕනේ. ඒක තීරණය කරන්නේ ඔයා.ඔයා Install කරන්න හදන්නේ 32bit Version එකක් නම් 1Gb වත් Select කරන්න.64bit Version එකනම් 2.5Gb වත් Select කරන්න.
5.ඊලගට Create a Virtual hard drive now select කරලා Create button එක Click කරන්න.
6.ඊලගට Hard Drive File Type එකට VDI Select කරලා Next කරන්න.
7.ඊලගට Storage on physical hard drive එකේ Dynamically allocated Select කරලා Next කරන්න.
8.දැන් Virtual hard drive එක හදෙන්න ඕන තැන Select කරන්න.මෙතනදි ටිකක් වැඩිපුර ඉඩ තියෙන Partition එකක් Select කරන්න.
9.දැන් Select කරපු Partition එකෙන් Virtual hard drive එකට දෙන ඉඩ ප්‍රමාණය තෝරලා next කරන්න.
* වැඩේ හරි නම් ඊලගට එන්නේ මෙන්න මේ Window එක.
10.දැන් වම් පැත්තේ තියෙන ඔයාලා මුලින්ම දුන්න නමින් තියෙන Button එක Double Click කරන්න.
11.දැන් තියෙන්නේ Start-up Disk එක Select කරන්න.ඊතලයෙන් පෙන්වල තියෙන Folder Icon එක Click කරන්න.
12.එතකොට මෙන්න මේ වගේ ඔයාලා ගාව තියෙන OS එකේ Image එක තෝරන්න පුලුවන්.
13.Image එක තෝරලා Start Button එක Click කරන්න.
14.දැන් ඔයාල install කරන්න හදපු OS එක Install වෙන්න පටන් ගන්නවා.Windows 10 install උනේ මෙන්න මෙහෙමයි.
15.Install උනාට පස්සේ ඔයාලට පුලුවන් මෙන්න මේ වගෙ ඔයාලගෙ දැනට තියෙන OS එක උඩින් තවත් OS එකක් RUN කරලා බලන්න.
*.හරි එහෙනම් අපි ගියා.ප්‍රශ්නයක් තිබ්බොත් අහන්නකෝ.
Comments
Post a Comment